අසෝකා කතා මාලාවේ හත්වන කතාංගයට සබ් එක දෙන්න තමා මේ සූදානම් වන්නේ,අපේ මලගෙයක් හින්දා මේක ටිකක් පරක්කු උනා.ඒකට සමාව අයදිමින්,
පෙර කතාංගය දෙස බැලූ විට ග්‍රෑන්ඩ් අල්මිරාල් ත්‍ර්‍රෝන්ව සහ ඔහුට සේවය කරන උතුම් මෑණිවරුන් නමින් හදුන්වන මෝගන්ගේ මායාකාර පරපුරේ ඇයට වඩා උසස් කාන්තාවන් තුන් දෙනක්ද ඔවුන්ගේ මායා බලවලින් කලහැකි දේවල් කිහිපයක්ද අපිට බලාගත හැකි උනා.ඒ කොටසේදී ත්‍ර්‍රෝන්ගේ හොද ගතිගුණත් තිබෙන බව පෙනුනා මන්ද යත් සබීන්ව නිදහස් කරලා ඇයට එස්රාව සොයාගැනීමට අවස්තාව දෙනවා.නමුත් පසුව සබීන් එස්රාව සොයා ගත්තොත් එම දෙදෙනාවම මැරීමට අණ දීලා බේලන්ව සහ ෂින්ව යවනවා.ඒ සමග ත්‍ර්‍ර්‍රෝන්ගේ යානය සහ ඔවුන්ට එම ග්‍රහලෝකයෙන් පිටවීමට අවශය දේවල් සකස් කරනවා දැකගන්න පුලුවන්. ඒ අතරේ සබීන් එම ග්‍රහලෝකයේ සිටින කොල්ලකරුවන් රංචුවක් සමග සටන් කර එය ජයගැනීමට සමත්වෙනවා.ඉන් අනතුරුව එම ග්‍රහලෝකයේ සිටින වෙනත් ජීවින් කොට්ටාසක් මාර්ගයෙන් එස්රාව සොයා ගැනීමට හැකි වෙනවා.ඔන්න ඔතනින් හයවන කතාංගය අවසන් වෙන්නේ.
අද කතාව තුලින් අපිට මුල් වතාවට Star Wars Skywalker Saga එකේ ආසම චරිතයක් බලාගන්න පුලුවන්.ඔයාලගේ කුතුහලය නැතිකරන් නැතුව ඒනම් මේ කතාංගය බලන්න කියා ආරාධනා කරමින් අවසාන කතාංගයෙන් හමුවන තුරු බලය ඔබ සමග වේවා!
Post a Comment