Ahsoka [S01:E05] Sinhala Subtitles | අතීතයේ සෙවනැලි

අසෝකා කතා මාලාවේ පස්වන කතාංගයට සබ් එක දෙන්න තමා මේ සූදානම් වන්නේ.

පෙර කතාංගය දෙස බැලූ විට කතාංගය පුරාම වැඩි වශයෙන් සටන් ජවනිකා බලා ගැනීමට හැකි උනා.මුලින්ම ජෙනරල් සින්දුල්ලාට පණිවිඩයක් යැවීමට හුයැන්ග් විසින් යානය සාදාන ආකාරය අපිට දැකගන්න පුලුවන්.ඒ අවස්තාවේ එතනට පැමිනෙන ඩ්‍රොයිඩ් කෙනෙක් හුයැන්ග්ට පහර දෙනවා. එතනින් තමා සටන පටන් ගන්නේ.එතනින් පසු සබ්‍රීන් සහ ෂින් අතරද බේලන් සහ අසෝකා අතරද සටන් ජවනිකා කිහිපයක් බලාගන්න පුලුවන්.බේලන් සමග සටන් කර මුලින්ම අසෝකා සිතියම ගත්තද පසුව බේලන් අතින් පරාද වී අසෝකා මුදුදට වැටෙන් සීන් එකක් අපිට පෙන්නනවා.ඒ අතර සිතියම ගත් සබ්‍රිනාට එය විනාශ කරන ලෙස අසෝකා කීවද එස්රා සොයාගැනීමට ඇති එකම අවස්තාව නිසා එය විනාශ කරන් නෑ.එයින් වාසිය ගන්න බේලන් සබ්‍රීන්ව නොමග යවලා සිතියම ගෙනෙ ඔවුන්ට අවශ්‍ය කණ්ඩාංක ලබාගෙන නැවත ඔවුන්ව කාටවත් සොයාගත් නොහැකි වීමට සිතියම විනාශ කරනවා.ඉන්පසු සබ්‍රීන්ව සිරකාරයෙක් ලෙසින් ගෙන ඔවුන් සොයාගත් කණ්ඩාංක තිබෙන ස්තානයට අභයවකාශ වලල්ලෙන් පැනීමක් කරනවා.ඔය අතර ජෙනර්ල් සින්දුල්ලා කණ්ඩායමක් සමග අසෝකා සොයා එනවා.මෝගන් සහ කණ්ඩායම නතර කිරීමට ඔවුන් උත්සහ කලද ඔවුන්ට එය නොහැකි වෙනවා.ඔවුන් ඊට පෙර පැනීම සිදුකරනවා.අවසානයට අසෝකා ඇනකන් ස්කයිවෝකර් ඉන්න තැනකින් අවදිවෙනවා අපිට බලාගන්න පුලුවන්.එතනින් හතරවන කතාංගය අවසන් වෙනවා.

අද කතාව තුලින් අපි නොසිතූ ආකාරයේ සටන් ජවනිකා කිහිපයක් බලාගන්න පුලුවන්.දැන් වෙද්දී කතා මාලාව පීක් එකට ඇවිල්ලා තියෙන්නෙ.කෝමත් තව කතා තුනයිනේ තියෙන්නේ.ඒනම් ලොකු කතා නැතුව මේ කතාංගය බලන්න කියා ආරාධනා කරමින් අලුත් කතාංගයෙන් හමුවන තුරු බලය ඔබ සමග වේවා!

සිංහල උපසිරස මෙතනින් බාගන්න


Ahsoka Season 01 Episode 04 Watch & Download Links


Ahsoka Season 1 Full Episode Watch Online
Ahsoka All Episode

Post a Comment

Previous Post Next Post

Ads Section