Ahsoka [S01:E04] Sinhala Subtitles | ඇනකන් ස්කයිවෝකර්

අසෝකා කතා මාලාවේ හතරවන කතාංගයට සබ් එක දෙන්න තමා මේ සූදානම් වන්නේ.

පෙර කතාංගය දෙස බැලූ විට මුලින්ම අපිට අසෝකාගේ ඉනැන්වීම් ක්‍රියාවලිය සහ සබ්‍රීන්ගේ ඉගැනගැනීමේ පෝග්‍රස් එක බලාගන්න පුලුවන්.ඉන්පසු සීටොස් ග්‍ර්‍රහලෝකය වටා කක්ෂ ගතව තිබෙන සියොන් ඇස ගැන එසේ නැත්නම් මෝගන් කුමක්ද කරන්නේ සොයා ගැනීමට සීටෝස් කක්ෂයට ඇතුලු වනවාත් සමග බේලන්ගේ ශිෂ්‍යයා වන ෂින් තව යානා කිහිපයක් සමග පැමින ඔවුන්ට පහරදෙනවා.එවිට අසෝකා සහ සබ්‍රීන් එකතුවෙලා යානා කිහිපයක් විනාශ කරනවා.ඉන්පසු සියෝන් ඇස ගැන නිවැරදි තොරතුරක් සොයාගැනීමට එම අභයවකාෂ වලල්ල ආසන්නට යාමට ගොස් එම යානයේ අවි වලින් එල්ල කල ප්‍රහාර නිසා යානයට ලොකු හානියක් වෙනවා.ඉන්පසු එම යානයේ සීමාවෙන් ඉවත් වූ පසු නැවත ෂින්ගේ යානා පහරදීමට පටන් ගන්නවා.අභයවකාශ වලල්ල නිසා සිදුවූ හානිය නිසා යානගේ එන්ජින් ක්‍රියාවිරහිත වෙනවා.මේ නිසා ස්ටාර් වෝස් හි පලමු වතාවට අභයවකාශ යානා වලට එරහිව අසෝකා අභයවකාශ ඇදුමකින් සැරසී අභයවකාශයේ සටන් කරන සුපිරි සටන් ජවනිකාවක් අපිට බලාගන්න පුලුවන් වෙනවා.ඒ අතර යානය සාදා ගන්නා සබ්‍රීන් නැවත අසෝකා යානයට ගෙන ඔවුන්ගෙන්(ෂින්ගෙන්) බේරී පලායාමට උත්සහ කරනවා.ඔය යන අතර අපිට ප්‍රතම වතාවට අභයවකාශ තල්මසුන් දැක ගැනීමට හැකි වෙනවා.ඒ සමගම අසෝකාගේ සහ සබ්‍රීන්ගේ සිත්වල එස්රා සොයාගැනීම පිලිබද බලාපොරොත්තුව ඉටුවන අකාරයේ සතුටක් ඇතිවෙනවා..කෝමහරි අභයවකාශ තල්මසුන් මාර්ගයෙන් ෂින්ව මග හැර ගොස් සීටෝස් ග්‍රහලෝකයේ කැලයක් අස්සේ සැගවීමට මොවුන්ට හැකි වෙනවා.ඔන්න ඔතනින් තමා තුන්වන කතාංගය අවසන් වෙන්නේ.

අද කතාව තුලින් අසෝකගේ සහ සබ්‍රීන්ගේ ඇක්ශන් සීන් විශාල ප්‍රමාණයක් සමග ඇනකන් ස්කයිවෝකර් පලමු වතාවට බලාගන්න පුලුවන් වෙනවා.ඒනම් ලොකු කතා නැතුව මේ කතාංගය බලන්න කියා ආරාධනා කරමින් අලුත් කතාංගයෙන් හමුවන තුරු බලය ඔබ සමග වේවා!

සිංහල උපසිරස මෙතනින් බාගන්න


Ahsoka Season 01 Episode 04 Watch & Download Links


Ahsoka Season 1 Full Episode Watch Online
Ahsoka All Episode

Post a Comment

Previous Post Next Post

Ads Section