Ahsoka [S01:E03] Sinhala Subtitles | අභයවකාශ තල්මසුන්

අසෝකා කතා මාලාවේ තුන්වන කතාංගයට සබ් එක දෙන්න තමා මේ සූදානම් වන්නේ.

පෙර කතාංගය දෙස බැලූ විට සබ්‍රීන්ට පහරදුන් ඩ්‍රොයිඩ්ව අල්ලගෙන ඔහුගේ ඔලුව ලේසර් එකෙන් වෙන් කරගෙන ඔහුගේ මතකයෙන් ඔවුන් ආ ස්තානය සොයාගෙන ඒතන පරික්ශා කිරීමට අසෝකා සහ ජෙනරල් සින්දුල්ලා යනවා.ඩ්‍රොයිඩ්ගෙන් මතකය ගන්නා ආකාරයෙන් සබ්‍රීන්ගේ ඒ සම්බන්දව ඇයගේ දක්ශතාවය පෙනේ.ඩ්‍රොයිඩ් ආ තැන සොයා ගිය විට හමුවන්නේ නව ජනරජයේ නැව් අංගනයයි.එය අදිරාජයාගේ කාලයේ මෝගන්ගේ මෙහෙයුම් වලට යොදාගත් ස්තානයක් වේ.කෝම හරි දැන් එහි තිබූ දේවල් නව ජනරජයේ යානා වලට යොදා ගන්නවා.එතන පරීක්ශා කරමින් සිටියදී සාමාන්‍ය යානා සදහා භාවිතා නොකරන යානා කොටසක් ප්‍රාවාහනය කරන බව ජෙනර්ල් සින්දුල්ලා දකිනවා.එය නවතන ලෙස ඇය අණ කලද එය නොනවත්වා ධාවනය වෙනවා.එතන්දී අදිරාජ්‍යා වෙනුවෙන් සේවය කරන කිහිප දෙනෙකු පහර දෙනවා අපිට දැකගන්න හමුවුනා.ඒ අය පරාජය කරලා ජෙනරල් සින්දුල්ලා සහ කතාවේ සුපිරි විනෝදකාමී චරිතයක් වන චොපර් සමග යානයකින් අර ප්‍රවාහනය කල යානය පසුපස එලවාගෙන ගොස් ලුහුබැදීමේ උපකරනයක් සවි කිරීමට සමත් වෙනවා.ඒ අතර එම නැව් අංගනයට ආ බේලන්ගේ සේවකයන් සමග අසෝකාගේ ඇක්ෂන් සීන් ටිකක් බලාගන්න පුලුවන්.පසුව ස්බ්‍රීන් එයාගේ රියල් පෙනුමට පෙනුම වෙනස් කරගෙන නැවත අසෝකගේ සිසුවා ලෙස ඉගැනීම් ආරම්භ කිරීමට සූදාන්ම් වන අකාරය පෙන්වයි. ඊට අමතරව කතාංගය අවසාන භාගයේ අපිට මුල් වරට සියොන් ඇස නමින් හදුන්වන අභයවකාශ රින්ග් එක දැකගන්න පුලුවන්.

අද කතාව තුලින් අසෝකගේ ඉගැනීම් කටයුතු සහ ඒ දෙදෙනාගේ සම්බන්දය සමග ඇක්ශන් සීන් විශාල ප්‍රමාණයක් බලාගන්න පුලුවන්.ඒනම් ලොකු කතා නැතුව මේ කතාංගය බලන්න කියා ආරාධනා කරමින් අලුත් කතාංගයෙන් හමුවන තුරු බලය ඔබ සමග වේවා!

සිංහල උපසිරස මෙතනින් බාගන්න


Ahsoka  Season 01 Episode 03 Watch & Download Links


Ahsoka Season 1 Full Episode Watch Online
Ahsoka All Episode

Post a Comment

Previous Post Next Post