Family Switch (2023) Sinhala Subtitles | මාරුවෙලා


ඕං මන් අද අරන් ආවේ ඉල ඇට ඇදෙනකන් හිනා වෙන්න පුලුවන් සුපිරිම ෆිල්ම් එකක්.සමහර කොමඩි ෆිල්ම් තියනවනේ අපි හිතලා හිනාවෙන්න ඕනා.අවවාදයෙන් කියනවා මේක එහෙම නැති සුපිරි කොමඩි ෆිල්ම් එකක්.මාරම ලස්සන කතාවක් එක්ක යන සුපිරිම චිත්‍රපටියක්. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Charlie's Angels,The Babysitter සහ This Means War වැනි සුපිරි කොමඩි ෆිල්ම් අධ්‍යක්ෂනය කල McG එහෙම නැත්නම් Joseph McGinty Nichol විසින්ය. මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙන්නේ සුපිරිම නලු නිලියන් සෙට් එකක්.Wednesday ටිවි සීරියස් එකේ Enid Sinclair චරිතයට පණ පෙවූ Emma Myers, Good Boys චිත්‍රපටියේ Thor චරිතයට පණ පෙවූ Brady Noon,Marvel චිත්‍රපට වල Elektra චරිතයට පණ පෙවූ Jennifer Garner සහ Hangover චිත්‍රපට වල Stu චරිතයට පණ පෙවූ Ed Helms මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා.

ෆිල්ම් එක පැත්තට හැරුනොත් පවුලක් ඉන්නවා අම්මයි තාත්තයි ලොකු පුතතෙකුයි ලොකු දුවෙකුයි අතදරුවෙක් සහ බලු පැටියෙක් ඉන්න.ඒක දවසක් ග්‍රහලෝකාගාරය බලන්න ගිහාම අමුතුම දෙයක් වෙනවා.ඊට පස්සේ එයාලගේ ශරීර එකිනෙක මාරු වෙනවා.එතනින් පස්සේ තමා සේරම කොමඩි සීන් ටික පටන් ගන්නේ.මෙතනින් එහාට ඔයාලගේ කුතුහලය නැති නොකර ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.


සිංහල උපසිරස මෙතනින් බාගන්න

                                                 

Family Switch Full Movie Watch & Download Links


Post a Comment

Previous Post Next Post