Ahsoka [S01:E01] Sinhala Subtitles | සිතියම


ලොකේ හොදම Movies franchise එක මොකක්ද කියලා ඇහුවොත් උඩින්ම කියවෙන නමක් තමා Star Wars කියන්නේ.මගේ මතය අනුවනම් ලොකේ හොදම Movies franchise එක Star Wars තමා.මොකද කියනවානම් දශක භාගයකට ආසන්න කාලයක් එනම් අවුරුදු 50 කට ආසන්න කාලයක් කරන ලද සියලුම නිර්මාණ ඉහලම ආදායම් වාර්තා සමග ඉහල ජනප්‍රියත්වයක් ලබා ගැනීමෙන් එය මනාව වැටහේ.ආදායම් වාර්තා බැලුවොත් අඩුම ච්‍රිත්‍රපට ගනනකින් වැඩිම ආදායමක් ඉපයූ Movies franchise එක Star Wars වේ.

1977 මැයි 25 සිනමා ක්ෂේත්‍රයේ ස්වර්ණමය දිනයක්.ඒ තමා Star Wars කියන සුපිරි Movies franchise එකේ ආරම්භය.පලමු Star Wars ච්‍රිත්‍රපටය නිකුත් වූ දිනය.එතනින් ආරම්භ වූ මේ franchise එක මේ වන විට ච්‍රිත්‍රපට 19 ක් හා tv series 13 ක් ව්කාශය කරමින් මෙය සිනමාවෙන් ඔබ්බට ගිය ආගමක් බවට පත් කිරීමට Star Wars සමත්ව තිබෙනවා.තමන්ගේ ආගම වශයෙන් Star Wars පුරවන පිරිසක් නිර්මාණය කිරීමට මේ දැවැන්ත නිර්මාණය සමත් වෙලා තියනවා.Star Wars ආගමක් කියන්න හේතු සහ ඒ පිලිබද වැඩිදුර දැන ගැනීමට අවශය අයට Hype zone youtube chanel එකෙන් Tech Track කරන Malinda අයියා සමග විඩියෝ එකක් කරලා තියනවා ඒක බලන්න.

Star Wars කියපු ගමන් අපිට මතක් වෙන්නේ ලූක් ස්කයිවෝකර්,ලෙයා කුමරිය,කැප්ටන් සෝලෝ,චූවි,මාස්ටර් යෝඩා,R2D2,C3PO,ෆැල්කන් යානය සහ Skywalker Saga එකේ අවසාන ච්‍රිත්‍රපට ත්‍රිත්වයෙන් අප හදවතට සමීප වූ රේ,පෝල්,ෆින් සහ BB-8 වයි.එම චරිත අපිට කොතරම් සමීපද යන්න බලපු අය හොදට දන්නවා.ඒ චරිත ගොඩට තවත් චරිත කිහිපයක් එකතුකරන්න තමා මේ සුදානම් වෙන්නේ.

ප්‍රදාන මාතෘකාව පැත්ත්ට හැරුනොත් ,Star Wars Movies franchise ප්‍රධාන ෆිල්ම් සෙට් එක වන Skywalker Saga එක විතරක් බලපු කෙනෙක්ට අද අපි කතා කරන Ahsoka කියන නම පුදුමයක් වනවා නොඅනුමානයි.මේ Ahsoka කියන්නේ කවුද? කාගේ කවුද? කොහෙන්ද මෙයා මේකට සම්බන්ද වෙන්නේ? මෙයා ජෙඩායි කෙනෙක්ද? ප්‍රශ්න වැලක් එන්න ඇති.අපි මේ එකෙන් එක විස්දගෙන ඉස්සරහට යමු.

Ahsoka හෙවත් Ahsoka Tano ප්‍රතම වරට දැක ගැනීමට හැකි වන්නේ Star Wars: The Clone Wars Animated ච්‍රිත්‍රපටය හරහාය.ඉන්පසු Star Wars: The Clone Wars සහ Star Wars Rebels යන Animated tv series හරහා ඇගේ දක්ශතා අපි දැක්කා.මේ කතා ටික බලපු අය දන්නවා Ahsoka Tano කියන චරිතය Skywalker Saga එකට කොතරම් වැදගත්ද කියලා.

මුලින්ම Ahsoka Tano ගේ අතීතය ගැන කතා කරොත් ඇය ඉපදෙන්නේ Shili ග්‍රහලෝකයේ Togrutas කියන ගමේය.ඇය කුඩා කාලයේ සිටම නිර්භීත සහ ක්‍රියාකාරී ලමයෙක් උනා.ඇය මුලින්ම ඇගේ බලය(force එක) පාවිච්චි කලේ වයස අවුරුදු 1 දීය.එනම් මාරාන්තික ව්‍යාග්‍රයෙක් ඇගේ බලයෙන් හීලෑ කරමින්ය.

ඉන්පසු ඇයව අවුරුදු 3දී ජෙඩායි මාස්ටර් Plo Koon විසින් ඇයව ජෙඩායි පන්සලට ගෙනගොස් ඇයව මාස්ටර් යෝඩාගේ රැකවරණය යටතේ ඉගෙන ගැනීමට අවස්තාව සලසා දුන්නා.ඉන්පසු මාස්ටර් යෝඩාගේ අනුදැනුම යටතේ ඉගෙන ගනිමින් ලයිට් සේබර් එකක් සාදා ගැනීමේ අයිතිය සම්පූර්ණ කලා.ඇයට ඇවුරුදු 14 සම්පූර්ණ වීමත් සමග ඇය මාස්ටර් ඇනකන් ස්කයිවෝකර් යටතේ ඉගෙනගත යුතු බව මාස්ටර් යෝඩා තීරණය කලා.එමගින් ඇනකන්ට ක්ෂ්‍රේත්‍රයේ පරණතයෙකු විය හැකි බව මාස්ටර් යෝඩා විස්වාශ කලා.

ඔවුන් දෙදෙනාගේ ආරම්භය එතරම් සුන්දර නොවනේය.ඇනකන් කියා සිටියේ ආධුනිකයෙකු නිසා ඔහුගේ වේගය අඩුවන බවයි.නමුත් පසුව එය නොකැඩිය හැකි සහෝදර බැදීමක් බවට පත්විය.දෙදෙනාට නික් නේම් පවා දා ගනිමින් ඔවුන්ගේ බැදීම තවත් වර්දනය වුයේය.ඇනකන්ට Sky guy යන නාමයද අසෝකට snips යන විහිලු නාමයද භාවිත කලා. තවද අසෝකාගේ සහ ඇනකන්ගේ හොදම මිත්‍රයෙකු ලෙස ක්ලෝන් හමුදාවේ නායකයකු වූ රෙක්ස් හැදින්වීමට පුලුවන්.තවත් සමීපයෙකු ලෙස ජෙඩායි ආධුනික බැරිස් ඔෆී (Barriss Offee) හැදින්විය හැකිය.

Barriss Offee (බැරිස් ඔෆී)

ඇත්තටම කියනවනම් Clone War එක මැද හරියෙදී අසෝකා මියයනවා.මන්ද ඇය, ඇනකන් සහ ඕබි වන් මෝටිස් කියන ග්‍රහලෝකෙට යනවා.ඒක විශාල බල තුනකින් සමන්විත ග්‍රහලෝකයක්.එහි ජීවත් වෙනවා තාත්තාකෙනෙකුයි පුතයි දුවයි.පුතා තුල අදුරු බලයද දුව තුල ආලෝකයද පියා සමබරතාවයද ඇති කරනවා.එහිදී අදුරු පැත්තේ පුතා අසෝකව මරනවා.ඉන්පසු දුව විසින් ඇගේ ආලෝක බලය අසෝකට ලබා දී ඇයට නැවත ජීවය දෙනවා හරියට Skywalker Saga එකේ අවසාන ච්‍රිත්‍රපටියේ කයිලෝ රේට ජීවය දෙනවා වගේ.

අසෝකා මියගිය විට ආලෝක දුවගේ ආලෝක බලය ඇයට දෙන අවස්තාව

මම ඔයාලට මේ Clone War එකේ කොටස් කියන්නේ මන්ද අසෝකට ජීවය දුන් ආලෝකයේ දුවට ආත්ම 4රේ සත්වයෙකු ලෙස හදුන්වන බකමූණෙකු සමග බලයේ ගැඹුරු සම්බන්දයක් තිබ්බා.මේ බකමූණා මෝරි නමින් හදුන්වනවා.එමනිසා දැන් මෝරිට අසෝකා සමග සම්බන්දයක් ඇත.සමහර විට අපිට මෝරිව Ahsoka tv series එක තුලින් බලාගන්න පුලුවන් වෙයි.

ඉන්පසු ජෙඩායි පන්සලට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ජෙඩායිවරු සහ සිසුන් කිහිපදෙනකු මිය යනවා.මෙයට අසෝකගේ යාලුවකු වූ බැරිස් ඔෆී අසෝකව අසු කරනවා.මෙහිදී ඇය නිර්දොශි බව ඔප්පු කිරීමට උත්සහ කලද ජෙඩායි කවුන්සලයද අසෝකව විස්වාස නොකල නිසා ඇය ඇනකන්ගෙන් සහ ජෙඩායි ඕඩර් එකෙන් ඉවත්ව යනවා.

ඇනකන් ඇයව විස්වාස කල නමුත් එය ඇයව රදවාගැනීමට ප්‍රමාණවත් නොවීය.මෙය ඇනකන්ට ප්‍රබල බලපෑමක් ඇති කරා ජෙඩායි ක්වුන්සලය පිලිබද අවිස්වාසයක් ගොඩ නැගීමට.ඉන්පසුව තමා පැල්පටීන් විසින් තවත් කවුන්සලය පිලිබද අදුර ඇනකන්ට ඇතුලු කර අදුරට පොලබවා ගත්තේ.
ඇනකන්ගෙන් ඉවත්වූ පසු අසෝකා ජාවාරම්කාරයෝ දෙදෙනෙකුට අසුවී මැර කල්ලි සමග සටන් කිරීමට ගොස් නැවත අවුල් ජාලයක පැටලෙනවා.ඉන්පසු සියල්ල අතහැර ටික කාලයක් ඇෂ්ලා කියන නම පාවිච්චි කරමින් සැගවී සිටියි.නමුත් ඇය තුල තවමත් ජෙඩායිවරයෙකු ජීවත් වන නිසා ඇයට පාඩුවේ අහක බලාගෙන සිටීමට නොහැකි විය.එමනිසා ඇය අධිරාජයට එරෙහිව සටන් කරන Bail Organaගේ රහස් සංවිධානයට සම්බන්ද වීමට තීරණය කලේය.


Bail Organa

එම රහස් සංවිදානය ඇය හැදින්වූයේ ෆෝක්‍රර්ම්(Fulcrum) ලෙසය.ෆ්‍රෝක්‍රම්හි ඇගේ රාජකාරිය වූයේ රහස් නියොජිතයෙකු ලෙස වෙස්වලාගෙන අධිරාජයාට එරෙහිව තනිව සටන් කරන කැරලිකරුවන් සොයාගෙන ඔවුන්ව ෆීනික්ස් බලඇණියට(phoenix squadron) බදවා ගැනීමයි.

එම බදවාගත් පිරිස අතර ජෙඩායි කේනන් ජර්ස්(Kanan Jarrus)සහ ඔහුගේ ගෝලයා වූ එස්රා බ්‍රිජර් (Ezra Bridger),හේරා සින්ධුල්ලා (Hera Syndulla),සබීන් ව්‍රෙන් (Sabine Wren) සහ සෙබ් ඔරිලියස් (Zeb Orrelios)වේ.

Kanan Jarrus (කේනන් ජර්ස්)
Ezra Bridger (එස්රා බ්‍රිජර්)
Hera Syndulla ( හේරා සින්ධුල්ලා)
Sabine Wren (සබීන් ව්‍රෙන්)
Zeb Orrelios (සෙබ් ඔරිලියස්)
Grand Admiral Thrawn (ග්‍රෑන්ඩ් අද්මිරාල් ත්‍රෝන්)

ඉන්පසු මොවුන් හොද කණ්ඩායමක් ලෙසින් අධිරාජ්‍යාට විරුද්දව සටන් වදියි.එස්රා සහ ඇගේ කන්ඩායම ග්‍රෑන්ඩ් අද්මිරාල් ත්‍රෝන් (Grand Admiral Thrawn)නමින් හදුන්වන නපුරු අධිරාජයාට එරෙහි සටනේදී ඔහුගේ ත්‍රෝන්ෂිප් එක ෆගල් (purrgil) නමින් හදුන්වන යෝද අභයවකාශ තල්මසුන් යොදාගෙන අභයවකාශයේ හදුනා නොගත් ප්‍රදේශයකට විසිකිරීමට සමත් වෙනවා.

ග්‍රෑන්ඩ් අද්මිරාල් ත්‍රෝන් එරෙහි සටනේදී අභ්‍යවකාශ තල්මසුන් යොදාගත් ආකාරය

එම විසිකරන විට එස්රාද ත්‍රෝන්ෂිප් එක තුල හිරවෙනවා.එතනින් පසුව ඇයව(එස්රා) සොයාගෙන යන ආකාරය වටා තමා Ahsoka කතාමාලාව ගලා යන්නේ.


අද පලමු කතාංගය නිසා මම කතාව ගැන කියලා ඔයාලගෙ කුතුහලය නැති කරන් නෑ.ඔයාලම බලලා හොද නරක කියන්න.අනික මතක් කරන්න ඕනා Skywalker Saga එක විතරක් බලපු කෙනෙක්ට උනත් මගේ උඩ ලිපියේ තියන විස්තර ටික බලලා මේ කතාව බලන්න පුලුවන්.ඒනම් නැවතත් අලුත් අභයවකාශ අද්දැකීමක් විදගැනීමට ආරාධනා කර සිටිනවා.අලුත් කතාංගය තුලින් හමුවන තුරු බලය ඔබ සමග වේවා!


සිංහල උපසිරස මෙතනින් බාගන්න


Ahsoka Season 01 Episode 01 Watch & Download Links



Ahsoka Season 1 Full Episode Watch Online
Ahsoka All Episode


Post a Comment

Previous Post Next Post